― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන මිල වැඩි කළේ රටේ ආර්ථිකය වෙනස් කරන්නයි - මහබැංකු අධිපති

ඉන්ධන මිල වැඩි කළේ රටේ ආර්ථිකය වෙනස් කරන්නයි – මහබැංකු අධිපති

රට තුළ ආයෝජනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත හැකි තත්ත්වයකට ශ්‍රී ලංකාව මේ වනවිට පත්ව ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ජාත්‍යන්තර ව්‍යාපාරික නාලිකාවක් වන බ්ලූම්බර්ග් විදෙස් නාලිකාව සමග අද (19) පැවති සංවාදයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී මාධ්‍යවේදිනිය ප්‍රශ්න කළේ,

“අවම වශයෙන් ඔබේ ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න, තවත් විකල්පයක් තියෙනවා. මුදල් රැස කරගන්න. ඒක තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාදීමේ වැඩසටහනට එක්වීම. නමුත් පේන විදිහට තවමත් ඔබට එය ඒත්තුගැන්වෙලා නැහැ. ඔබ දිගටම ඒ ගැන නොසිතා ඉන්නවාද?

අජිත් නිවාඩ් කබ්රාල් මහතා – අපේ සියලුම බැඳුම්කර වෙන්දේසි මේ වෙද්දි සම්පූර්ණවෙලයි තිබෙන්නේ. පොළී අනුපාතිකයන් මධ්‍යස්ථ මට්ටමක තිබෙනවා. මේ වසරේ අපේ කොටස් වෙළෙඳපොලේ ක්‍රියාකාරීත්වය දෙස බැලුවොත් මෑත කාලයේදී දැක්වූ හොඳම ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරමිනුයි තිබෙන්නේ. සංචාරකයින් රටට නැවත පැමිණෙමින් සිටිනවා. බැංකු අංශයේ සාමාන්‍ය කොන්දේසිත් ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ඒ නිසා ආයෝජකයින්ට හොඳ විශ්වාසයක් තබාගත හැකි බවයි මම හිතන්නේ. ඒ නිසා අපිට ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගන්න ගොඩක් දේවල් කරන්න අවශ්‍ය වෙයි කියලා හිතන්නේ නැහැ. ඔබ කියනවා නම් ආයෝජකයින්ගේ විශ්වාසය වැඩිකරන්න IMF යන්න ඕනි කියලා, IMF එකට ඒ වෙනුවෙන් කරන්න තියෙන විශේෂ දේ මොකක්ද?” 

“ඒ වගේමයි අපි අපේ ආර්ථිකයේ ඇතැම් වෙනස්කම් කරමින් සිටිනවා. විශේෂයෙන්ම අපේ ඉන්ධන මිල. රජය ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට ඉඟියක් තිබෙනවා. IMF එක ආවත් අපට මේ වගේ උපදෙස් තමයි දෙන්නේ. මේ දේවල් තමයි රජය මේ වෙද්දි කරමින් ඉන්නේ.”