වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්රධාන ජලාශ හැත්තෑ තුනෙහි ජල මට්ටම සියයට 29 දක්වා පහළ ගොස් තිබේ.
ඉදිරියටත් කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා දීමේ ගැටලු සහගත බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ ඒකකයේ අධ්යක්ෂ ඉංජිනේරු සුදර්ශනී විදාණපතිරණ මහත්මිය පැවසුවේ.