24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවයස අවුරුදු 09ක දැරියක් තම නිවස තුළ ගෙළ වැළලාගෙන මිය ගිහින්

වයස අවුරුදු 09ක දැරියක් තම නිවස තුළ ගෙළ වැළලාගෙන මිය ගිහින්

වයස අවුරුදු 09ක දැරියක් තම නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

හලාවත පොලීසිය සදහන් කළේ ඊයේ (11) පස්වරුවේ මෙම මරණය සිදුව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ බටහිර ඉරණවිල, සමිදුගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 09ක දැරියක්.

දැරියගේ මව රැකියාවක් සඳහා විදෙස් ගතව ඇති අතර, දැරිය සිය පියා භාරයේ හැදී වැඩී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ දී නිවස තුළ කිසිවෙක් සිට නොමැති අතර, දැරියගේ පියා ගෙවත්තේ සිට ඇති බවයි මේ වනවිට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

දැරියගේ මෙම මරණය සැක සහිත එකක් බව පවසන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.