― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

ජල පාරිභෝගිකයින්ට විශේෂ දැනුම්දීමක්

පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ජල පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අජිත් පෙරේරා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා ජල පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිරිපහදු කළ ජලය පාවිච්චියෙන් වැළකී සිටින ලෙසයි.

එසේ නොවුනහොත් පරිභෝජනය අධිකවීමත් සමඟ ජල සැපයුමේ ගැටළු මතුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ගංඟාවලින් මුහුදට ගලායන ජල ප්‍රමාණය අඩුවීමත් සමඟ මුහුදු ජලය ගංඟාවලට එකතුවීම ආරම්භ වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා, එය ජල පිරිපහදුවට බාධාවක් වී ඇති බවයි පැවසුවේ.

ඊට පිළියමක් ලෙස මුහුදු ජලය ගංඟාවලට එකතුවීම වැළක්වීමේ අරමුණින් ලවන බාධකයක් ඉදිකිරිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් ජල සැපයුම සාමාන්‍ය පරිදි සිදුකරන බව සඳහන් කළ ජල සම්පාදන මණ්ඩලය, ජල සැපයුමේ ගැටළුවක් මතුවේ නම් එය ජල පරිභෝජනය අධිකවීමත් සමඟ සිදුවිය හැකි බවයි.