― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවිදෙස් ජාතික ළමයින් අපයෝජනය කළ සංචාරක මගපෙන්වන්නා අත්අඩංගුවට

විදෙස් ජාතික ළමයින් අපයෝජනය කළ සංචාරක මගපෙන්වන්නා අත්අඩංගුවට

තම පියා සමග ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි කැනඩා ජාතික 16 හැවිරිදි දැරියක් සහ 13 හැවිරිදි පිරිමි ළමයෙකු අපයෝජනය කළ සංචාරක මගපෙන්වන්නෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපයෝජනයට පත්වූ ළමයින්ගේ පියා වන කැනඩා ජාතිකයා කොස්ගොඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි.

මෙම පවුලේ සාමාජිකයන් කොස්ගොඩ ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නතරවී සිට ඇති අතර හික්කඩුව ප්‍රදේශයේ සංචාරයක් සඳහා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී ළමයින් දෙදෙනා අපයෝජනය කළ බවට සංචාරක මගපෙන්වන්නාට චෝදනා එල්ලවී තිබෙනවා.

කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී තම දියණිය සහ පුත්‍රයාගේ සිරුරු ස්පර්ශ කරමින් අපයෝජනය කළ බවටයි කැනඩා ජාතිකයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

සංචාරකයන් සමග හික්කඩුව ප්‍රදේශයට යන අතරමග සැකකරු බීමත්ව සිටි බවට ද චෝදනා එල්ලවී තිබෙනවා.

අදාළ පැමිණිල්ල අනුව ඊයේ රාත්‍රියේම 50 හැවිරිදි සැකකරු කොස්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.