― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsතුර්කියේ දී ශ්‍රී ලාංකිකයන් 29ක් රෝහලට යැවූ බස් අනතුර ගැන විදේශ අමාත්‍යංශයෙන්...

තුර්කියේ දී ශ්‍රී ලාංකිකයන් 29ක් රෝහලට යැවූ බස් අනතුර ගැන විදේශ අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී සිදු වූ බස් රථ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු තුවාල ලැබීමේ සිදුවීම පිළිබඳ විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ශ්‍රී ලාංකික කම්කරුවන් අනතුර සිදුවූ ප්‍රදේශය ආසන්නයේම පිහිටි වැඩබිමේ සිට තම නවාතැන් වෙත යමින් සිටියදී එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය 9 වනදා මෙම අනතුරට ලක්වී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ 29 දෙනාගෙන් 20 දෙනෙකු අනතුර සිදු වූ දිනයේදීම ඉස්තාන්බුල් නුවර රෝහල්වලින් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් තිබෙනවා.

තවත් 9 දෙනෙකු රෝහල් 3ක ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදේශ අමාත්‍යංශය කියාසිටියේ.

තුවාලකරුවන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින් සේවයේ යොදවා ඇති සමාගම සහ රෝහල් බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සහය ලබා දෙමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සහ විපතට පත් ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය සහය ලබාදීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය තුර්කි විදේශ අමාත්‍යාංශය සමඟ ද සම්බන්ධ වී සිටින බවයි විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

විපතට පත් ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අදාළ නිවේදනයේ සඳහන්.