― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුහුද මැදදී නෞකාවක් ගිනිගනී

මුහුද මැදදී නෞකාවක් ගිනිගනී

ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේදී නෞකාවක් ගිනි ගැනීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ග්‍රීසියේ සිට ඉතාලිය බලා ගමන් ගනිමින් තිබූ ‘යුරෝෆෙරි ඔලිම්පියා’ නමැති නෞකාවේ වාහන නවතා තිබූ තට්ටුවක ගින්න හටගෙන ඇති අතර නෞකාවේ සිරවී සිටි පිරිසක් බේරාගැනිමට සහන කණ්ඩායම් සමත්ව ඇත.

අදාළ නෞකාවේ මගීන් 239 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 51 දෙනෙක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර ඉන් වැඩි පිරිසක් ඉතාලි ජාතිකයින්ය.