― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසැක කටයුතු මරණ දෙකක් ගැන පොලිස් පරීක්ෂණ

සැක කටයුතු මරණ දෙකක් ගැන පොලිස් පරීක්ෂණ

සැක කටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මරණ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම මළ සිරුරු දෙක හමුවී ඇත්තේ වලස්මුල්ල සහ කිරිඳිවැල ප්‍රදේශවලින්.

වලස්මුල්ල ගිනිගොඩැල්ලයාය ප්‍රදේශයේ නිවසක් තුළ කාන්තාවක් සැක කටයුතු ලෙසට මියගොස් සිටින බවට වලස්මුල්ල පොලිසියට ඊයේ (12) උදෑසන ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කැබැල්ලකැටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මියගිය කාන්තාවගේ හිසෙහි තුවාලයක් සහ ලේ පැල්ලම් කිහිපයක් ඇති බවට නිරීක්ෂණය වී ඇති බැවින් මෙම මරණය ඝාතනයක් බවටයි පොලිසිය සැක කරන්නේ.

ඒ සම්බන්ධයෙන් වලස්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර කිරිඳිවැල හංගමුවවත්ත ප්‍රදේශයේ නිවසක් අසල පහරදීමකින් වැටී සිටි පුද්ගලයෙකු රදාවාන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව කිරිඳිවැල පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

මියගොස් ඇත්තේ උඩගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම මරණය සම්බන්ධයෙන් අද මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

මෙම පුද්ගලයාට පහරදීමක් හේතුවෙන් මියගොස් ඇත් ද නැතහොත් වෙනත් හේතුවක් නිසා සිදු වූ මරණයක් ද යන්න පිළිබඳ කිරිඳිවැල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.