― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදරු ප්‍රසූතියේ දී බිම වැටුණු බිළිඳා දැඩිසත්කාර ඒකකයේ දී මිය ගිහින්

දරු ප්‍රසූතියේ දී බිම වැටුණු බිළිඳා දැඩිසත්කාර ඒකකයේ දී මිය ගිහින්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ තම දරුවා බිමට වැටී දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ජීවිතක්ෂයට පත් වූ බව එම දරුවාගේ මව පවසනවා.

අනුරාධපුර, රඹෑව, කල්ලංචිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසු වන තක්ෂිලා උදයංගනී මව, සිය දෙවන දරුවා බිහි කිරීම සඳහා පසුගිය 10 වනදා කල්ලංචිය රෝහලට ඇතුළත්ව තිබෙනවා.

එහිදී එම රෝහලේ පවතින අඩුපාඩු හේතුවෙන් ඇයව දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ.

පසුව ප්‍රසූතිකාගාරයේ දී බිළිඳා ප්‍රසූත කිරීමෙන් පසු දරුවා බිම වැටුණු බවත්, එම අවස්ථාවේ දී දරුවා අල්ලා ගැනීමට එහි සිටි කිසිවෙකුටවත් නොහැකි වූ බව මව පවසනවා.

අනතුරුව හෙදියන් විසින් තම බිළිඳාව කඩිනමින් දැඩිසත්කාර ඒකකයට යොමු කිරීමට කටයුතු කළ බව ද එම බිළිඳාගේ මව සඳහන් කරනවා.

ඒ, අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට බිළිදා අද (13) උදෑසන ජීවිතක්ෂයට පත් වූ බවයි එම මව වැඩිදුරටත් සඳහන් කළේ.

බිළිදාගේ පියා පවසන්නේ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් තමන්ට සිය බිළිදාව අහිමි වූ බවත් මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී සිදුනොවීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි