― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනොදන්වා විදෙස්ගත වූ වෛද්‍යවරු ගැන දැඩි තීරණයක්

නොදන්වා විදෙස්ගත වූ වෛද්‍යවරු ගැන දැඩි තීරණයක්

ගෙවුණු වසර එකහමාර තුළදී වෛද්‍යවරුන් 120 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මෙරට සේවා ගිවිසුම් කඩකරමින් නීතිවිරෝධීව යළි විදෙස්ගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කළේ අදාළ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ පියවර කිහිපයක් ගන්නා බවයි.

විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා වෛද්‍යවරයෙකුට වැටුප් සහිත අධ්‍යයන නිවාඩු හිමිවන අතර විදේශීයව විශේෂඥ පුහුණුව ලබා ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔවුන් අවම වශයෙන් වසර 8ක කාලයක් මෙරට තුළ සේවය කළ යුතු වීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියයි.

මෙම විශේෂඥ වෛද්‍යවරයෙකු පුහුණු කිරීමට රජයට රුපියල් මිලියන 12 ත් 15 ත් අතර මුදලක් වැය වේ.

විදේශගත වන වෛද්‍යවරුන් විදේශගත වීමට පෙර ගිවිසුමක් අත්සන් කරනවා. බැදුම්කරයක් අත්සන් කරනවා ඒ කියන්නේ විදේශගත වෙලා ඉදලා ලංකාවට එනවා කියලා. ඒ අත්සන් කරන්නේ විදේශගත වෙලා ඇවිල්ලා අනිවාර්ය සේවා කාලයක් සේවා කළ යුතුයි කියන එකත් එක්ක. 2022 ජනවාරි 10 වනදා ඉදලා 2023 ජූලි 31 දක්වා විදේශ පුහුණුව ලබලා ලංකාවට ආපු වෛද්‍යවරු 363 දෙනෙක් පමන ඉන්නවා. ඒ අතරින් 106ත් 120 අතර පිරිසක් නොදන්වා සේවයට වාර්තා නොකර විදේශගත වෙලා තියෙනවා. නිර්වින්දන වෛද්‍යවරුන් 29ක් ඉන්නනවා. 11ක් හෝ 12 නිසි අවසරයකින් තොරව විදේශගත වෙලා තියෙනවා.

මේ වෙනකොට අපි රාජ්‍ය සේවා කොමිසන් සභාවට මාස 6කට වරක් අසාදු ලේඛනයක් යවනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවටත් යවනවා ඔවුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දිය යුතුද යන එක නැවත සලකා බැලීමට සිදුවන කාලයක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව රටේ ජනතාව වෙනුවෙන් පෙනි සිටින වෛද්‍ය සභාව මේ බ්ලැක්ලිස්ට් කරන වෛද්‍යවරු ගැන තීරණයක් ගනී කියලා. ඇත්ත වශයෙන්ම ඔවුන්ට එය ගත හැකියැයි මම විශ්වාස කරනවා. මෙතෙක් කල් ක්‍රියාත්මක නොවුණු දැඩි නීති රීති ගන්න වෙයි, සම්මත නීති රීති වලට පටහැනිව රට හැර යෑම සම්බන්ධයෙන්.”