― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපෙම්වතාගේ ලක්ෂ 18කට විද්ද පෙම්වතිය අත්අඩංගුවට

පෙම්වතාගේ ලක්ෂ 18කට විද්ද පෙම්වතිය අත්අඩංගුවට

පෙම්වතාගෙන් රුපියල් ලක්ෂ 18කට අධික මුදලක් වංචා කළ තරුණියක් කිළිනොච්චිය පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබේ.

පෙම්වතා ඕස්ට්‍රෙලියාවට යවන බව පවසමිනුයි ඇය මෙම මුදල් වංචා කර ඇත්තේ.

යාපනයේ මනිපායි ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සිය පෙම්වතිය බැලීමට කිළිනොච්චියට වරින් වර පැමිණ ඇති අතර එසේ පැමිණි එක් අවස්ථාවකදී තරුණියගේ ඥාතියෙකු ඕස්ට්‍රෙලියාවේ සිට කතා කරන බව කියමින් දුරකතනය පෙම්වතා අතට ලබා දී ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

මෙසේ දින කීපයක්ම දුරකතනයෙන් කතා කිරීමෙන් පසුව පෙම්වතියගේ ඥාතියා කියන පුද්ගලයා පෙම්වතාට පවසා ඇත්තේ ඔහුව ඕස්ට්‍රෙලියාවට කැඳවා ගත හැකි බව පවසා ඊට අවශ්‍ය කටයුතු කිරීම සදහා පෙම්වතියට මුදල් ලබා දෙන ලෙසත්ය.

ඒ අනුව තරුණයා විසින් පෙම්වතියට රුපියල් ලක්ෂ 18ක මුදලක් ලබා දී ඇති අතර එම මුදල ලබා දුන් දිනයේ සිට පෙම්වතිය වෙනස් වන්නට පටන් ගෙන අවසානයේදී පෙම් සබඳතාවයද නවතා දමා ඇති බවයි තරුණයා පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් පෙම්වතා පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පෙම්වතිය අත්අඩංගුවට ගෙන තිබේ.