31 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් යන්ත්‍රයක් ඉවතට

කටුනායක ගුවන්තොටුපොළේ ස්කෑන් යන්ත්‍රයක් ඉවතට

කටුනායක ගුවන්තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කර තිබේ.

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදය ලිහිල් කළ බවයි.

සෑම ගුවන් මගියෙක්ම ගුවන් යානයට ගොඩවීමට පෙර ස්ථාන දෙකකදී විශේෂ ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවකට තවදුරටත් ලක්වන බවත්, ඉවත් කළ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය එවකට පැවති ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ස්ථාපිත කර තිබූ බවත් එම සමාගම සඳහන් කරයි.

මීට පෙර එම යන්ත්‍රය ඇතුළුව ස්කෑන් යන්ත්‍ර තුනක් හරහා විදෙස්ගතවන ගුවන් මගීන් පරීක්ෂා කිරීමෙන් විශාල තදබදයක් ඇතිවූ බවත් ගුවන් මගීන්ට විදේශගත වීමේදී සිදුවන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ඔවුන් පවසයි.