― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsබඹර ප්‍රහාරවලින් මිදීමට ඇල්ලේ ආරක්ෂිත කුටියක්

බඹර ප්‍රහාරවලින් මිදීමට ඇල්ලේ ආරක්ෂිත කුටියක්

ඇල්ල ප්‍රදේශයේ සංචාරය සඳහා පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින්ට බඹර ප්‍රහාරවලින් වැළකීම සඳහා ආරක්ෂිත කුටියක් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ස්ථාපිත කර තිබේ.

පසුගිය දිනවල සංචාරකයින් වැඩි වශයෙන් මෙම ප්‍රදේශයේදී බඹර ප්‍රහාරවලට ලක්වීම සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම පියවර ගෙන ඇත.

ආරුක්කු පාලම ආශ්‍රිතව විශාල බඹර වද ප්‍රමාණයක් පවතින අතර සංචාරකයින්ගේ පැමිණීමත් සමඟ ඇති වන ඝෝෂාකාරී ශබ්දවල බලපෑමෙන් පසුගිය මාස කිහිපයේම සංචාරකයින් බඹර ප්‍රහාරවලට ලක්විය.