26.1 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋණු වූ යකඩ සිරුරට විසි වූ අයෙක් ජීවිතක්ෂයට

උණු වූ යකඩ සිරුරට විසි වූ අයෙක් ජීවිතක්ෂයට

කහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක් තුළදී යකඩ දියර පිටතට විසිවීමෙන් ඉන්දියානු ජාතික තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව දින 10 ක් ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පදිංචිව සිටි දීපාක් කුමාර් නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයා ඉකුත් 05 වනදා රාත්‍රියේ වැඩමුරය සඳහා කර්මාන්තශාලාව වෙත පැමිණ තවත් ඉන්දියානු ජාතිකයින් 06 දෙනෙකු සමග කෝව තුළට යකඩ දමමින් සිටියදී අනපේක්ෂිත අයුරින් කෝවේන් පිටතට යකඩ දියර විසිවීම මෙම අනතුර සිදුවී තිබුණි.