28.6 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඋණු වූ යකඩ සිරුරට විසි වූ අයෙක් ජීවිතක්ෂයට

උණු වූ යකඩ සිරුරට විසි වූ අයෙක් ජීවිතක්ෂයට

කහතුඩුව දියගම පාරේ යකඩ උණු කිරීමේ කර්මාන්ත ශාලාවක් තුළදී යකඩ දියර පිටතට විසිවීමෙන් ඉන්දියානු ජාතික තරුණයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතව දින 10 ක් ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පදිංචිව සිටි දීපාක් කුමාර් නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයා ඉකුත් 05 වනදා රාත්‍රියේ වැඩමුරය සඳහා කර්මාන්තශාලාව වෙත පැමිණ තවත් ඉන්දියානු ජාතිකයින් 06 දෙනෙකු සමග කෝව තුළට යකඩ දමමින් සිටියදී අනපේක්ෂිත අයුරින් කෝවේන් පිටතට යකඩ දියර විසිවීම මෙම අනතුර සිදුවී තිබුණි.