― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසාපෙළ ඇගයීම් කටයුතු 18 වැනිදා ඇරඹේ

සාපෙළ ඇගයීම් කටයුතු 18 වැනිදා ඇරඹේ

2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ඇගයීම් කටයුතු දිවයිනේ මධ්‍යස්ථාන 100 කදී ලබන 27 වනදා දක්වා සිදුකිරීමට නියමිතයි.

විභාගය සඳහා අපේක්ෂකයන් 472,554ක් අයදුම් කර ඇති අතර එම අපේක්ෂකයන්ගේ උත්තර පත්‍රවලින් මිලියන 2.6කට ආසන්න සංඛ්‍යාවක් මෙම අදියරේදී ඇගයීමට ලක් කිරීමට නියමිතයි.

මේ සඳහා ගුරුවරු 27,500ක් දායකත්වය හිමිවෙයි. පාසල් නිවාඩු කාලය තුළ මෙම ඇගයීම් කටයුතු සිදු වේ.

ඇගයීම් මධ්‍යස්ථාන 100ක් තුළ ක්‍රියාත්මක වන ඇගයීම් මණ්ඩල 1,721 මෙම ඇගයීම් කටයුතු සිදුකිරීමට නියමිතයි.