― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකෝටි 03ක දේපළ සොරාගත් ඇටයා හා පොඩ්ඩා අත්අඩංගුවට

කෝටි 03ක දේපළ සොරාගත් ඇටයා හා පොඩ්ඩා අත්අඩංගුවට

අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන අමාත්‍යාංශයේ සිරකරු අයිතිවාසිකම් කොමිසමේ සාමාජිකාවකගේ රාජගිරියේ කලපළුවාව දෙමහල් නිවසට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් කෝටි 3කට ආසන්න වටිනා දේපළ සොරාගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීට පෙරද අපරාධ කිහිපයකට සම්බන්ධ ‘කහන්තොට පොඩ්ඩා’ සහ ‘බත්තරමුල්ලේ ඇටයා’ නැමැත්තෙක් බව පොලිසිය පවසයි.

එම සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ මුතු මැණික් රන් ආභරණ, ඇමරිකානු සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද අධික මුදලකට මිලදී ගත් බව කියන දියමන්ති ගල් අල්ලන ලද රන් පෙන්ඩනයක්, ජපානයෙන් ඉතා අධික මුදලකට මිලදී ගත් බව කියන පෘථිවියේ නොමැති ගෙන වෙනත් ග්‍රහලෝකයකට අයත් පාෂාණ විශේෂයක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකමට සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවසීය. ඉකුත් මස 28 වැනිදා සිට මෙම මස 8 වැනිදා දක්වා සහකාර ලේකම්වරියගේ නිවසේ කිසිවෙකු සිට නැති අතර එම කාලය තුළ සැකකරුවන් දෙදෙනා දෙදෙනා ත්‍රිරෝද රථයකින් එම නිවස අසලට ගොස් නිවසේ පිටුපස ජනේලයේ සුළං කවුළුවෙන් ඇතුළු වී ඉහළ මහලේ කාමර දෙකක අල්මාරිවල දමා තිබූ මෙම දේපළ සොරා ගෙන තිබූ බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.

ඒ ආකාරයෙන් සැකකරුවන් එම නිවසට දින 3 ක් අවස්ථා තුනකදී ගොස් එම දේපළ සොරා ගෙන ඒවා අතුරුගිරිය තලංගම හා රාජගිරිය ප්‍රදේශවල පුද්ගලයන් දස දෙනෙකුට දෙනකුට පමණ අඩු මුදලකට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයා ගැනිණි.ඊට අමතරව එම දේපළ වලින් කොටසක් සැකකරුවන්ගේ නිවෙස්වල තිබී පොලිසිය මඟින් සොයා ගැනිණි. සැකකරුවන් දෙදෙනා එම දේපළ විකුණා ලබා ලබාගත් මුදල් හොරයින් මත්කුඩු පානය සඳහා වැය කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මෙම සොරකම ට අදාලව හොර බඩු මිලදී ගත් පුද්ගලයන් කීප දෙනකු ද අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියකු පැවැසීය. සැකරුවන් දෙදෙනා වයස අවුරුදු 25 හා 30 අතර පසුවන්නන්.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.