23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රභාකරන්ගේ බිරිඳ සහ දියණිය ජීවතුන් අතර ද?

ප්‍රභාකරන්ගේ බිරිඳ සහ දියණිය ජීවතුන් අතර ද?

එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ බිරිඳ වන මදිවදනී සහ දියණිය ද්වාරකා ජීවතුන් අතර සිටින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඩෙන්මාර්කයේ වෙසෙන මදිවදනිගේ සහෝදරිය යැයි කියන කාන්තාවක් වීඩියෝවක් නිකුත් කර ඇත.

ඔවුන් දෙදෙනාම තමාට හමුවූ බවයි ඇය එම වීඩියෝවේ සඳහන් කර ඇත්තේ. ඒ සම්බන්ධයෙන් ඇය පවසන්නේ මෙවැන්නක්.

“2009 යුද්ධයේ අවසාන කාලයේදී මගේ බාල සොහොයුරිය මදිවදනී සහ දියණිය ද්වාරකා මිය ගිය බව ශ්‍රී ලංකා රජය වාර්තා කළා. ඒත් ඔවුන් ජීවතුන් අතර සිටින බවට මෑතකදී මට ආරංචියක් ලැබුණා. ඉන්පසු මම ඔවුන් හමු වී සාකච්ඡා කළා. මම හිතන්නේ මේ පණිවිඩය දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්. ඒ නිසා මම මේ ආරංචිය මගේ මිතුරන් හා නෑදෑයන් සමඟ බෙදා ගැනීමට සතුටු වෙමි.”