― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅද දිවයින පුරා විදුලි කප්පාදුවක්

අද දිවයින පුරා විදුලි කප්පාදුවක්

ප්‍රමාණවත් විදුලි උත්පාදනයක් සිදුනොවීම හේතුවෙන් අද (21) විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා අවසර ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රියේ දී ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම පියවර ගත් බවය.

ඒ අනුව අද උදෑසන  8.30 සිට 5.30 දක්වා අතර කාලය තුළ දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

මීට අමතරව උදෑසන 8:30 සිට 4:30 දක්වා කාලය තුළ දකුණු පළාත සඳහා පමණක් පැය තුනක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන මහජන උපයෝගිතා කොමිසම සභාපති ජනක රත්නායක මහතා,

“උදෑසන 8.30 සිට 5.30 දක්වා පැයක කාලයක් ලංකාවේ සියලුම පළාත්වලට පැයක කාලයක් පමණක් විදුලිය විසන්ධි කරනු ලබනවා. හැබැයි අපිට දකුණු පළාතේ පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපේ ජල සංචිත පහළ බසින නිසා දකුණු පළාතේ විතරක් පැය 3ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ඉල්ලා තියෙනවා. ඒ සඳහා අවසරය දීමට අපට සිදුවෙලා තියෙනවා. ඒ නිසා මහජන උයෝගිතා කොමිසම විදුලි කප්පාදුවක් සඳහා ලංකාව පුරා පැයක් 8.30 සිට 5.30 දක්වා. ඒ වගේම දකුණු පළාත් සඳහා පැය 3ක කාලයක් සඳහා අවසර දුන්නා. ඒ කාලසීමව අපේ වෙබ්සයිට් එකේ, එ වගේම ලංකා විදුලි බලමණ්ලයේ වෙබ්සයිට් දාන්න කටයුතු යොදලා තියෙන්නේ.”

මේ අතර ඊයේ දිනය අක්‍රීයව පැවැති සපුගස්කන්ද A සහ B බලාගාර වෙත අවශ්‍ය ඉන්ධන තොග මේ වන විට ලැබෙමින් පවතී.

එමෙන්ම කෙලවරපිටිය යුගදනවි බලාගාරය සඳහා ද ඊයේ පස්වරුවේ සිට මෙට්‍රික් ටොන් 1,000 ක ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් අද දිනයේ දි දිවා විදුලි ඉල්ලුම මෙගාවොට් 2,100ක් වනු ඇති බවට ගණන් බලා ඇති අතර දහවල් කාලයේ දී එය මෙගාවොට් 2,200ක් දක්වා ඉහළ යනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේය.

එමෙන්ම රාත්‍රී කාලය වන විට එම ඉල්ලුම මෙගා වොට් 2,700ක් බවද එම මණ්ඩලය සඳහන් කළේය.

කෙසේවෙතත් සපුගස්කන්ද සහ කෙරවලපිටිය යුගදනවි බලාගාර යළි සාමාන්‍ය තත්ත්වයට පත්කර ගැනීමට හැකියාව ලැබීම හේතුවෙන් අද රාත්‍රී කාලයේ දී කප්පාදුවක් නොකෙරෙනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.