26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරේගුවේ රඳවා තිබූ වාහන නිදහස් කෙරේ

රේගුවේ රඳවා තිබූ වාහන නිදහස් කෙරේ

රේගුවේ රඳවාගෙන තිබූ පොදු වාහන කාණ්ඩයට අයත් වාහන නිදහස් කර ගැනීම සඳහා අවසර හිමිව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම අවසරය හිමිව ඇත්තේ ආනයනය තහනම් කාලයේ ආනයනය කොට රේගුවේ රඳවා තබා තිබෙන වාහනවලට පමණක් බවයි.

රේගුවේ මෙතෙක් රඳවා තිබෙන රේගු ප්‍රකාශන ලබා දී නොමැති වාහන, ආනයන අපනයන පාලක ජනරාල් වෙත කරුණු දැක්වීමෙන් අනතුරුව තොටුපළ තෙක් වටිනාකම (CIF Value) මත අයකෙරෙන 30%ක බද්දක් ගෙවා මුදා ගත හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.