― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsචිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා

චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා

මෙරට චිත්‍රපට කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා විය. මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ඉදිරි යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් මෙම කාරක සභාවට කැඳවා තිබුණි. මේ අනුව චිත්‍රපට ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැහැදිලි කළේය.

විශේෂයෙන්ම මෙහිදී ඔවුහු පෙන්වා දුන්නේ සිනමාව හැකිලෙමින් යන ප්‍රවණතාවක් මේ වන විට ඇති වී තිබෙන බවත් වසරකට සිනමා ශාලා 5ක් හෝ 6ක් පමණ වැසී යන බවත්ය. එසේම චිත්‍රපට ප්‍රවේශ පත්‍රයකින් චිත්‍රපට සංස්ථාවට ලැබෙන මුදල් කොටස පිළිබඳව සහ චිත්‍රපට නිෂ්පාදකයන් සොයාගැනීම සම්බන්ධයෙන් පවතින අපහසුතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණි.

චිත්‍රපට සංස්ථා පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එසේම විදේශීය චිත්‍රපට ගෙන්වීමට ලියාපදිංචි වන මුදල සහ එක් චිත්‍රපටයක් වෙනුවෙන් චිත්‍රපට සංස්ථාව අයකරගන්නා මුදල සංශෝධනය විය යුතු බවද මෙහිදී යෝජනා විය.

මීට අමතරව නෙට්ෆ්ලික්ස් වැනි වේදිකාවන් ජනප්‍රිය වීම තුළ ඒවාට මුහුණ දීමට චිත්‍රපට සංස්ථාවේ පවතින සැලසුම් පිළිබඳවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය. තවද චිත්‍රපට නිර්මාණකරුවන් ගුණාත්මක තත්ත්වයේ චිත්‍රපට සකස්කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන්ද පැමිණ සිටි නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය. මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සංජීව එදිරිමාන්න,ජයන්ත කැටගොඩ සහ ගාමිණී වලේබොඩ යන මහත්වරු සහභාගී වූහ.