23.4 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportමාලන් සැමුවෙල්ස් වරදකරු වෙයි

මාලන් සැමුවෙල්ස් වරදකරු වෙයි

දූෂණ චෝදනා විභාගයකින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මාලන් සැමුවෙල්ස් වරදකරු වී තිබෙනවා.

2019 අබුඩාබි ටී ටෙන් තරගාවලියට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවැත් වූ දූෂණ චෝදනා විභාගයකිනුයි ඔහු වරදකරු වී ඇත්තේ.

එහිදී වැරදි 04කට ඔහු සම්බන්ධ බව තීරණය කෙරුණා. පළමුවන චෝදනාවට බහුතර මතයකින් සහ අනෙක් චෝදනා 3 ට ඒකමතික තීරණ වීමත් සමඟ විනිශ්චය සභාව ඔහු චෝදනා 4 ටම වරදකරු බවට තීන්දු කෙරුණා.