32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතණමල්විල ගංජා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට

තණමල්විල ගංජා හේනක් වටලා අයෙක් අත්අඩංගුවට

තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල සූරියආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගංජා හේන තුළ උස අගල් හයත් අගල් දොළහත් අතර උසකින් සරුවට වගා කර තිබූ ගංජා පැළ අටදහස් දෙසීයක් පමණ තිබී ඇත.

ගංජා හේන වගා කළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 51 පුද්ගලයෙකි.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.