― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන අවසන් වීමේ අවදානමක්

ඉන්ධන අවසන් වීමේ අවදානමක්

ඉන්ධන සැපයුම අවසන්වීමේ අවදානමක් ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

මේ වන විට පිරවුම්හල් වෙත් ඉන්ධන සැපයීමද සීමා කර ඇති බවත් උදාහරණයක් ලෙස මීට පෙර බවුසර් තුනක් යැවූ පිරවුම්හලකට මේ වනවිට යවන්නේ බවුසරයක් හෝ දෙකක් පමණක් බව අමාත්‍යවරයා එහිදී ප‍්‍රකාශ කර තිබේ.

මේ වන විට කොළඹ වරායට පිටතින් ඉන්ධන නැව් තුනක් නැංගුරම් ලා තිබුනද, මුදල් ඇත්තේ එක් නැවකට ගෙවීම සදහා පමණක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

නුදුරු දිනයකදීම රට තුළ ඉන්ධන අවසන් වීමේ අවදානමක් ඇති බව අමාත්‍යවරයා විසින් අනතුරු අගවා තිබෙන අතර මහජනතාව යථා තත්ත්වය පිළිබදව දැනුම්වත් විය යුතු බැවින් තමන් මේ කරුණු හෙළි කරන බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.