32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට

පාදුක්ක ඉංගිරිය මාර්ගයේ කැන්දලන්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද දහවල් පාදුක්ක දෙස සිට ඉංගිරිය දෙසට ධාවනය වූ පොලිස් නිලධාරියා ගමන් කළ යතුරුපැදිය එම දිශාවටම ධාවනය වූ ලොරියක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එම ලොරියේ ගැටී විසිවී ගොස් විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් කුඩා ලොරියකට යටවීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ පොලස් නිලධාරියා ඉංගිරිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

කලවාන නාවලකන්ද ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම නිලධාරියා අතුරුගිරිය පොලිසියට අනුයුක්තව රාජකාරී කරන අයෙක්.

මෘත ශරීරය ඉංගිරිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් විරුද්ධ දිශාවෙන් පැමිණි ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් ලොරියේ රියදුරා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.