32 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවාදය 24 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවාදය 24 වනදා

පාර්ලිමේන්තුව ලබන 22 සිට 25 දක්වා රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 11 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.

ලබන 25 වැනි සිකුරාදා හැර අනෙකුත් දිනයන් හි, පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ.

එම සතියේ 24 වන බ්‍රහස්පතින්දා දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.