― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportසිංගප්පූරුවේදී ලක්මව බැබැලවූ ජයරුක්ෂි දිවයිනට

සිංගප්පූරුවේදී ලක්මව බැබැලවූ ජයරුක්ෂි දිවයිනට

සිංගප්පූරුවේ පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් තුනක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ජයරුක්ෂි සමන්කුල අද (21) උදෑසන දිවයිනට පැමිණියා.

අද උදෑසන 09.50ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ – 45 දරණ ගුවන් යානයෙන් ඇය දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු පැවසුවේ.

ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන්, පුහුණුකරු සහ තවත් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා. ඉකුත් 19 වනදා සිංගප්පූරුවේ චැංගි නගරයේදී පැවති ලෝක කායවර්ධන ශූරතා තරගාවලිය නියෝජනය කළ ජයරුක්ෂි සමන්කුල එහි ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වුණා.

මෙම තරගාවලිය නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික ජාතිකයා වුණේ ද ජයරුක්ෂි සමන්කුලයි.