මේ දිනවල උඩරට දුම්රියේ දැඩි තදබදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ දිනවල මගීන් විශාල වශයෙන් පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව තිබේ.
මෙය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි අප්රසාදයට හේතු වී ඇති අතර සොදුරු ගමනාන්තයක් වන ඇල්ල දුම්රිය ස්ථානයේද මේ තත්ත්වය දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
පාසැල් නිවාඩුව නිසා දේශීය මගීන් වැඩිවීමත් වෙනත් රටවන පවතින දේශගුණික තත්වය නිසා නිවාඩුව ගත කිරීමට බොහෝ රටවලින් විදේශිය සංචරකයන් මේ දිනවල මෙරටට පැමිණිමත් මේ තත්වයට හේතුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.