මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ වෙනසක් පවතී නම් ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයකින් පරීක්ෂා කර ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
භූගත ජල මට්ටම් අඩු වීම හේතුවෙන් ලවණතාවයේ වෙනසක් සිදු වන බැවින් මෙම තත්ත්වය ඇතිවී ඇති බවයි ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. රත්නායක සඳහන් කළේ.
ඒ අනුව කොළඹ, පුත්තලම, අනුරාධපුර සහ යාපනය පරීක්ෂණාගාරවලින් ජල ජලසාම්පල පරීක්ෂා කරගත හැකියි.