― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදූෂිත දේශපාලඥයන්ගේ ස්විස් බැංකු ගිණුම් රහස් එළියට

දූෂිත දේශපාලඥයන්ගේ ස්විස් බැංකු ගිණුම් රහස් එළියට

ලොව පුරා පුද්ගලයන් 30,000කගේ පමණ ස්විස් බැංකු ගිණුම් පිළිබද විස්තර හෙළිදරව් වී ඇති බව ‘ද ගාර්ඩියන් වෙබ් අඩවිය’ වාර්තා කරයි.

එසේ හෙළිදරව් වී ඇති බැංකු ගිණුම්වල වටිනාකම පවුම් බිලියන 80 ක් පමණ වන අතර ජාවාරම්කරුවන්, ව්‍යාපාරිකයක් සහ දේශපාලඥයන් අනීතිකව උපයා ගත් මුදල් මෙම බැංකු ගිණුම් තුළ තැන්පත් කර තිබෙන බව විශ්වාස කරයි.

යුක්රේනයේ සිට ඊජිප්තුව දක්වා දූෂිත දේශපාලඥයන්ගේ බැංකු ගිණුම් පිළිබදව මේ වන විට හෙළිදරව් වී ඇති බව ද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කරයි.

පිලිපීනයේ මාකෝස් පවුල, යුක්රේනයේ හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු ඇතුළු බොහෝ දෙනෙකු පිළිබදව දැනට හෙළිදරව් වී ඇති අතර සම්පූර්ණ වාර්තාවක් නුදුරේදීම බලාපොරොත්තු විය හැකි ය.