30 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ වර්ග 216ක හිඟයක්

ඖෂධ වර්ග 216ක හිඟයක්

ඖෂධ වර්ග 216 ක හිඟයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල අභියෝගවලට මුහුණ දී සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසුවේ ඖෂධ හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති නමුත් ඉතිරි ඖෂධ හිඟයට පිළියම් යෙදිය යුතු බවයි.

එමෙන්ම ඉදිරි මාස කිහිපය තුළ එම හිඟව පවතින ඖෂධ සංඛ්‍යාව 216 සිට 100 දක්වා අඩු කරන බවයි ලේකම්වරයා කියා සිටියේ.

කෙසේ වෙතත් දැනට පවතින ඖෂධ හිඟය හේතුවෙන් ඖෂධ වර්ග 216කට බලපා ඇති බවත් ඒවා කඩිනමින් මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා පැවසීය.