― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයෙන් අති නවීන යුධ රථ 11ක් මෙරටට

චීනයෙන් අති නවීන යුධ රථ 11ක් මෙරටට

චීන රජය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 6.2 ක් වටිනා ‘හදිසි විධාන සහ සන්නිවේදන පද්ධති වාහන රථ’ 11ක් ප්‍රදානය කර තිබේ.

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් ඊයේ (22) යුධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කළ උත්සවයකදී මෙම රථ නිල වශයෙන් භාරගන්නා ලදි.

වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන්, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ විසින් චීන හමුදාවෙන් යුධ හමුදාවට සිදුකල මෙම පරිත්‍යාග භාර ගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වෙත භාර දුන් අතර එහිදී ඔහු සංකේතාත්මකව එහි යතුරු යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත පිළිගැන්වීය.

මෙහිදී ශ්‍රී ලංකා ආරක්‍ෂක ප්‍රධානීන් සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් එම ස්ථානයේ වාහන පරීක්‍ෂා කළ අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් සුගත් රත්නායක සහ ශ්‍රී ලංකාවේ චීන ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ රටවල් දෙක අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

ඉදිරියේදී අභ්‍යන්තර ආරක්‍ෂාව සහ විශේෂ රාජකාරි සඳහා මෙම ඉතා දියුණු හමුදා මෝටර් රථ යෙදවීමට ශ්‍රී ලංකා යුද හමුදාව අදහස් කරයි. උත්සවයේ කටයුතු අවසන් කරමින් වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් ශ්‍රී ලංකා යුධ හමුදාව වෙනුවෙන් චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෝ බෝ වෙත සුහදතාවයේ සංකේතයක් ලෙස සහ උත්සවය සංකේතවත් කිරීම සඳහා සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදි.

default