27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහපුතලේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

හපුතලේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

හපුතලේ සිදු වූ වෙඩි තැබීමකින් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (22) හපුතලේ රාත්‍රියේ – අයිස්පීල්ල ප්‍රදේශයේ ඇති හෝටලයක් තුළට පැමිණි පුද්ගලයන් 05 දෙනෙකු විසින් හෝටල් හිමිකරුට හා ඔහු සමග සිටි පුද්ගලයෙකුට පිස්තෝලයකින් වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙඩි වැඳීමෙන් හෝටලයේ හිමිකරු සමග සිටි පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර හෝටල් හිමිකරු බරපතල තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට ලක්ව ඇත්තේ ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 47 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.