― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබිළිඳිය සමඟ මවක් වැව් පතුලේ සැඟවෙයි

බිළිඳිය සමඟ මවක් වැව් පතුලේ සැඟවෙයි

අවුරුද්දක් පමණ වයසැති තම බිළිඳිය සමග කාන්තාවක් වැවකට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

මෙලෙස වැවට පැන ඇත්තේ ලිඳුල ලෝගි වත්තේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් බවයි අනාවරණ වී ඇත්තේ.

තම සැමියාගෙන් සහ සැමියාගේ ඥාතීන්ගෙන් තමන්ට සහ දියණියට හිරිහැර සිදු වන බවට මෙම කාන්තාව පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය, විවාහ සහතිකය සහ ජාතික හැඳුනුම්පත වැව අසළ තබා අද උදෑසන සිඟිත්තිය සමග නිවස අසල පිහිටි වැවට පැන ඇති බව සඳහන්.

කාන්තාවගේ සිරුර වැවෙහි පාවෙමින් තිබී ඇති අතර සිඟිත්තියගේ සිරුර අතුරුදන් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.