තමන්ගේ මව ලිංගික අපයෝජනයට ලක් කළ නරුම පුතෙකු රත්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බෝගම්බර, කයිකාවල ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි සැකකරුවෙකි.
බෝම්බ කුමාර නමැති අන්වර්ථ නාමයකින් හඳුන්වන මෙම සැකකරු ඔහුට අයත් බව කියන හෝටලයක කාමරයක් තුළදී සිය මව අපයෝජනයට ලක් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
අපයෝජනයට ලක්වූ 74 හැවිරිදි මව ප්රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.