― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපියාට පොල්ලකින් සංග්‍රහ කළ පුත්‍රයා අත්අඩංගුවට

පියාට පොල්ලකින් සංග්‍රහ කළ පුත්‍රයා අත්අඩංගුවට

පියාගේ කරදර ඉවසනු බැරිව පොල්ලකින් පහර දී පියාට බරපතළ තුවාල සිදුකළ එකම පුතු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර දීමට යොදා පොල්ලක්ද පොලිස් බාරයට ගෙන ඇති අතර කුඩා උඩුව අඩවිය මල් බෙරි වත්ත ප්‍රදේශයේ පදිංචි 62 එක්දරු පියා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

බරපතළ තුවාල ලද එක්දරු පියා තදින් හොරයින් මත්කුඩු පානයට ඇබ්බැහි ව සිටින අතර ඔහුගේ කරදර ඉවසනු බැරිව සැකකාර පුතු දින විසි දෙකක පමණ කාලයක් නිවසින් පිටවී 23 රාත්‍රී නිවසට පැමිණ තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

24 අලුයම සුපුරුදු ලෙස තුවාල ලද පුද්ගලයා සැකකාර පුතු සමඟ බහින්බස් වී ඇති අතර එහිදී පුතු පොල්ලක් රැගෙන පියාගේ පාදවල සහ අත්වල ට පහර දී ඇති අතර පහරදීමෙන් අත් සහ පාද කැඩී බරපතළ තුවාල සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

බරපතළ තුවාල ලද පුද්ගලයා ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල කරා වැඩිදුර ප්‍රතිකාර සඳහා පිටත් කර හැරීමට කටයුතු කිරීමට සලසන බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.