26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙරොයින් ළඟ තබාගෙන සිටි කොස්තාපල්ගේ වැඩ තහනම්

හෙරොයින් ළඟ තබාගෙන සිටි කොස්තාපල්ගේ වැඩ තහනම්

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 16 වැනිදා මෙම පොලිස් කොස්තාපල්වරයා මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් මිලිග්‍රෑම් සියයක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්පිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකුගේ වන අතර ඔහුගේ වැඩ තහනම් කිරීමටද පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.