27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsයතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

ඊයේ (24) යාපනයේ වඩමරච්චි කොට්ටාවත්ත ප්‍රදේශයේදී යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ යතුරුපැදියේ ගමන් කළ 14 හැවිරිදි පාසල් සිසුවා එම ස්ථානයේදීම මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බවයි.

කොට්ටාවත්ත ගණපති හාල් මෝල අසල පිහිටි වංගුවේදී යතුරුපැදිය ටිපර් රථය සමග මූණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් පසුව යතුරුපැදිය ගිනිගෙන විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

ටිපර් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.