26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාර්ලිමේන්තුවේ තවත් 11කට කොරෝනා

පාර්ලිමේන්තුවේ තවත් 11කට කොරෝනා

පාර්ලිමේන්තුවෙන් තවත් කොවිඩ් ආසාදිත සේවකයන් 11ක් අද (21) හමු වී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

පාර්ලිමේන්තු සේවකයන් 75 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ඊයේ යොමු කෙරුණු අතර ඉන් සේවකයන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

කොවිඩ් ආසාදිත සේවකයෝ 11 දෙනා නිවෙස්ගත නිරෝධායනයට යොමු කර ඇති අතර පසුගිය සති කිහිපයේදී පමණක් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් සියයකට වැඩි පිරිසක් සොයාගෙන තිබේ.

මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 54ක් කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත.