― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsත්‍රිකුණාමලයේ සංවර්ධන කටයුතු ඉන්දියාවට

ත්‍රිකුණාමලයේ සංවර්ධන කටයුතු ඉන්දියාවට

ඉන්දියාවේ සහාය ඇතිව ත්‍රිකුණාමලය මෙරට බලශක්ති, ප්‍රවාහන, වරාය, නාවුක, ගුවන්, කර්මාන්ත මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (24) ත්‍රිකුණාමලය ගුවන් හමුදා කදවුරේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.

අද මෙම රැස්වීම කැඳවනු ලැබුවේ නැගෙනහිර පළාතේ විශේෂයෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. දැනට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධනයට අදාළව සර්බානා ජුරෝන් සමාගමෙන් සැලැස්මක් සකස් කර තිබෙනවා. එම සැලැස්ම පදනම් කර ගනිමින් ත්‍රිකුණාමලය සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත් අතර එකඟතාවකට පැමිණ තිබෙනවා. අප එය ක්‍රියාත්මක කළයුතුයි එම සංවර්ධන සැලැස්මට අනුව වෙරුගල්ආරු සිට පානම, කුමන මුහුදු තීරය දියුණු කිරීමටත් වැඩසටහනක් සකස් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට මුහුදු තීරය භාවිතා කිරීම එමගින් අපේක්ෂා කරනවා.

ඒ සමඟම මේ ප්‍රදේශයේ නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා. නැගෙනහිර පළාතේ අනෙකුත් ප්‍රදේශත් මේ සඳහා එක් කරගත යුතුයි. එසේම මහවැලි අධිකාරිය සහ ඉඩම් දෙපාර්තමේන්තුවත් ඊට දායක කරගත යුතුයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ධීවර, කෘෂිකර්මාන්ත සහ සංචාරක ක්ෂේත්‍රවල ඇති වන මෙම නව දියුණුවත් සමඟ ත්‍රිකුණාමල නගරය ප්‍රධාන වෙළෙඳ නගරයක් බවට පත් කළයුතුයි. ත්‍රිකුණාමලයෙන් පසුව මඩකළපුවටත්,අම්පාරටත් එම සංවර්ධනය ගෙන යාම අපේ අරමුණයි.

විශේෂයෙන් ඉඩම් ගැටලු නිරාකණය කර ගනිමින් අප මෙම කටයුතු ඉදිරියට ගෙන යා යුතුයි. එහිදී මහවැලි ඉඩම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා දියුණු කළහැක්කේ කෙසේද කියා සොයා බැලිය යුතුයි.

එසේම ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ දී මහවැලි යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන 1985 සැලැස්මට අනුව තිබෙන ඉඩම් ලබා ගැනීමට සැලසුම් කර තිබෙනවා. නමුත් නැගෙනහිර පළාත තුළ ඇතැම් ඉඩම් කොටස් අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව ගැසට් කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

විවිධ ආගමික ස්ථාන සඳහාත් ඉඩම් වැඩි වශයෙන් ලබාදී තිබෙන බව සිදු කළ සමීක්ෂණයකදී අනාවරණය වුණා. එම නිසා තරගකාරී ලෙස ආගමික ස්ථාන ඉදිකිරීම නතර කළ යුතුයි. එහිදී ආගමික නායකයන්, ආණ්ඩුකාරවරයා, පළාතේ දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරින් සමඟ සාකච්ඡා කර නිවැරදි තීරණයකට එළැඹීම ඉතා වැදගත් බව කිව යුතුයි.

1985 දී මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී එඩිම්බරො ආදිපාදවරයා මෙහි පැමිණ ලබා දී තිබූ ඉඩම් මේ වන විට වනජීවී අමාත්‍යාංශය විසින් වනාන්තර ලෙස ගැසට් කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වන ගහණය සියයට 32ක ප්‍රතිශතයකින් පවත්වාගෙන යා යුතුයි. එය එසේ පවතිද්දී අනෙක් ඉඩම් රටේ සංවර්ධන කටයුතු සඳහා යොදාගත යුතුයි.

අද සිංගප්පූරුව සහ ඩුබායි වැනි රටවල සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අසීමිත ලෙස යොදවා තිබෙනවා. මම පසුගියදා සිදු කළ සිංගප්පූරු සංචාරයේ දී එම රජය ශ්‍රී ලංකාවෙන් සහල් ඉල්ලා සිටියා. පසුගිය වසරේදී අප ඔවුන්ගෙන් සහල් ඉල්ලා සිටියා වගේම මේ වසරේ දී ඔවුන් අපෙන් සහල් ඉල්ලනවා. ඒ නිසා නවීන කෘෂිකර්මාන්තය රට තුළ ඇතිකර කෘෂි නිෂ්පාදන තුළින් ලෝක ආර්ථිකය ජයගැනීමට අප කටයුතු කළ යුතුයි. ‍

ත්‍රිකුණාමලය සංවර්ධනය සැලස්ම කඩිනමින් ක්‍රියාත්මක කර අප මෙම සංවර්ධන අරමුණු ජය ගැනීමට කටයුතු කරමු. ඒ සඳහා පළාතේ මහජන නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලුදෙනා කැපවනු ඇතැයි මම අපේක්ෂා කරනවා.”