26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය විදුලි කාර්මිකයන්ගේ වර්ජනය අවසන්

දුම්රිය විදුලි කාර්මිකයන්ගේ වර්ජනය අවසන්

දින දෙකක් පුරා දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් ක්‍රියාත්මක කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද පස්වරුවේ අවසන් කර තිබෙනවා.

ඔවුන් අද පස්වරු 4ට සේවයට වාර්තා කිරීමට පොරොන්දු වූ බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන් ජේ ඉඳිපොලගේ මහතා සඳහන් කළේ.

ඒ අනුව අද පස්වරුවේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමේ අවස්ථාව හිමිවන බවයි දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ අද පැවැති සාකච්ඡාවේදී දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් මෙම එකඟතාවට පැමිණ තිබෙනවා.

දුම්රිය විදුලි කාර්මික ශිල්පීන්ගේ වර්ජනයට හේතු වූ සිද්ධිය අධිකරණය හමුවේ තිබෙන කරුණක් වීම හේතුවෙන් ඊට මැදිහත්විය නොහැකි බවට වර්ජනයේ නිරතව සිටින පිරිසට දැනුම් දුන් බව ද ඔහු සඳහන් කළා.

රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විදුලි කාර්මික ශිල්පියා සම්බන්ධයෙන් නීතිමය කටයුතුවලට සහාය දැක්වීමට සාමාන්‍යාධිකාරීවරයා එකඟ වී ඇති අතර පහර කෑමට ලක්වූයේ යැයි කියන උප නියාමකවරයා ද මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.