― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

ශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද

හනුවර ශ්‍රී දළඳා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ (25) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

අවසන් කුඹල් පෙරහැර ඊයේ පස්වරු 07.02ට යෙදුනු සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කළා.

පෙරහැර දළඳා වීදිය, යටිනුවර වීදිය ඔස්සේ රජ විදියෙන් ඉහළට විත් ගෙවදීම සිදු කෙරුණා.

අවසන් කුඹල් පෙරහැරේ සධාතුක කරඬුව වඩම්මවීම සඳහා භාග්‍යය ලැබුණේ කතරගම වාසනා හස්තියාටයි.

මේ අතර දළඳා පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පළමු රන්දෝලි පෙරහැර අද (26) පස්වරු 07.10ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ කිරීමට නියමිතයි.