― political ―

VAT බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා – අනුර

ආහාර, අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට ඇතුළත් වැට් බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsමහනුවර නගරාශ්‍රිත පාසල්වලට දින තුනක් නිවාඩු

මහනුවර නගරාශ්‍රිත පාසල්වලට දින තුනක් නිවාඩු

මහනුවර නගරාශ්‍රිතව පිහිටි සියලුම පාසල්වලට හෙට (28) සහ අනිද්දා (29) සහ ලබන 31 වනදා යන දින තුනේ නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ තීරණය කර තිබෙනවා.

ඇසළ පෙරහැර මංගල්‍ය හේතුවෙන් එම පාසල් වලට මෙලෙස නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

පෙරහැර නැරඹීම සඳහා මේ වන විට මහනුවර නගරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දෛනිකව පැමිණීම හේතුවෙන් නගරයේ පාසැල් වෙත පැමිණෙන සිසුන් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ.

මේ අතර පෙරහැර සඳහා පැමිණෙන කලා ශිල්පීන්ට සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා ද පාසල් කිහිපයට නිවාඩු ලබාදී ඇති අතර, සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ද මේ වන විට මහනුවර නගරයේ පාසල් කීපයකටම නිවාඩු ලබා දී තිබෙනවා.