― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldප්‍රංශයේ පාසල් සිසුවියන්ට අබාය තහනම් වෙයි

ප්‍රංශයේ පාසල් සිසුවියන්ට අබාය තහනම් වෙයි

ප්‍රංශයේ වෙසෙන මුස්ලිම් පාසල් සිසුවියන්ට අබාය පැළඳීම එරට රජය විසින් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ ප්‍රංශයේ නව පාසල් වාරය ලබන මස 4 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එදින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම වලංගු බවයි.

කෙසේනමුත් ප්‍රංශ රජය විසින් 2004 වසරේ සිට එරට රජයේ පාසල්වල හිස් ආවරණ පැළඳීමටද තහනම් කළ අතර 2010 වසරේදී ප්‍රසිද්ධියේ සම්පූර්ණ මුහුණු ආවරණය පැලඳීම තහනම් කරනු ලැබීය.

ප්‍රංශයේ වෙසෙන මිලියන පහක පමණ මුස්ලිම් ප්‍රජාවක් මේ සඳහා දැඩි විරෝධ්තාවක්ද එල්ල කර ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරට මුස්ලිම් පාසල් සිසුවියන්ට අබාය පැළඳීම තහනම් කර ඇත්තේ මාස ගණනක වාද විවාදවලින් අනතුරුව බවයි.