― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsමංගල සාදයට ගිය තරුණිය හදිසියේම ජීවිතක්ෂයට

මංගල සාදයට ගිය තරුණිය හදිසියේම ජීවිතක්ෂයට

මංගල උත්සවයකට සහභාගී වී සිටි තරුණියකට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියක්.

මෙම තරුණියට ඇය සේවය කරන ආයතනයේ අයෙකුගේ හොරණ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිටිය දී හදිසියේ අසනීප වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මෙම තරුණිය මෝටර් රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව එම රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රෝහල වෙත රැගෙන යාමට උපදෙස් ලබාදී ඇති බවයි පොලිසිය පැවසුවේ.

එලෙස අදාළ තරුණිය හොරණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.