29.5 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෝණි අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෝණි අත්අඩංගුවට

ඊයේ (27) මුල්ලේරියාව, රණබිම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ‘දෝණි’ නම් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී ඇය සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 7 කට ආසන්න ප්‍රමාණයක් හමු වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

37 හැවිරිදි වියේ පසුවන සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලිසියට භාරදී තිබේ.

විදේශතව සිටින මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘ඩුබායි ධනුෂ්ක’ සහ ‘කොළොන්නාවේ චන්දන’ යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇත්තේ මෙම කාන්තාව බවටයි අනාවරණය වී ඇත්තේ.