― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිරමීඩ ජාවාරම් කළ අයට අපරාධ නීතියෙන් දඬුවම්

පිරමීඩ ජාවාරම් කළ අයට අපරාධ නීතියෙන් දඬුවම්

පිරමීඩ ජාවාරම මෙහෙයවූ ආයතන හා පුද්ලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ දෙහිඕවිට ප්‍රදේශයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පිරමීඩ යනු කිසිසේත්ම ව්‍යාපාරයක් නොවන අතර එය අපරාධයක්ම බවත් එබැවින් පිරමීඩ ජාවාරමේ යෙදුණු ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ දඬුවම් පැමිණවිය හැකි බවත්ය.

එමෙන්ම මහ බැංකුව විසින් 1988 අංක 30 දරන බැංකු පනත අනුව මෙම ජාවාරම තහනම් කළ බැවින් ඉන් එහාට මේ සඳහා බලපාන්නේ අපරාධ නීතිය බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.