27.2 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ 06ක් යළි මෙරටට

ලන්දේසීන් රැගෙන ගිය කෞතුක භාණ්ඩ 06ක් යළි මෙරටට

ලන්දේසීන් විසින් මෙරටින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 6 ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් ගිවිසුම් දෙකකට අද (28) අත්සන් තැබීමට නියමිතය.

මෙම ගිවිසුමට අත්සන් තැබීම අද බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සිදුකෙරෙන අතර ලන්දේසීන් විසින් මහනුවර රජ මාලිගාව වැටලූ අවස්ථාවේදී රැගෙන ගිය කෞතුක භාණ්ඩ 6 කුයි මේ යටතේ නැවත මෙරටට ලැබෙන්නේ.

ඒ අනුව නෙදර්ලන්තයේ රිජ්ක්ස් කෞතුකාගාර එකතුවේ තිබූ ප්‍රසිද්ධ ලෙව්කේ දිසාවගේ කාලතුවක්කුව, රන් සහ රිදී කස්ථාන දෙකක්, පිහි, තුවක්කු දෙකක් මෙලෙස ශ්‍රී ලංකාවට භාරදීමට නියමිතයි.