27.2 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංගම බස්වලින් හොරෙන් ඩීසල් ඉස්සූ සේවකයා අත්අඩංගුවට

ලංගම බස්වලින් හොරෙන් ඩීසල් ඉස්සූ සේවකයා අත්අඩංගුවට

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අකුරැස්ස – අමලගොඩ පිහිටි ඩිපෝවට අලුත්වැඩියා කිරීමට රැගෙන එන බස් රථවලින් සූක්ෂම ආකාරයට ඉන්ධන සොරකම් කළ සේවකයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පවසනවා.

ඩිපෝවේ අධිකාරිවරයා විසින් අකුරැස්ස පොලිස් ස්ථානයට සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා කාර්මික නිලධාරියෙකු ලෙස සේවය කරන විල්පිට ප්‍රදේශයේ පදිංචි අයෙක්. 49 හැවිරිදි වියේ පසුවන සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සැකකරු විසින් එලෙස බස් රථවලින් සොරාගන්නා ඩීසල් ඔහුගේ යතුරුපැදියේ ඉන්ධන ටැංකියේ සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.