― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

වටවල පොලිස් බල ප්‍රදේශයේ රොසැල්ල කුයිල් වත්ත වතුයායේ සේවය කරමින් සිටි වතු කමිකරුවන් පිරිසකට එල්ලවු බබර ප්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් අට දෙනකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හැටන් වැවිලි සමාගමට අයත් මෙම වතුයායේ මෙම පිරිස සේවය කරමින් සිටියදි 28වන දින සවස 4.45ට පමණ එම වතුයායේ ගසක් මත බැද තිබු බබර කුඩුවක් හදිසියේ ඇවිස්සිමෙන් එහි සිටි බබරුන් විසින් මෙම පිරිසට පහරදි තිබේ.

මේ පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ බබර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබු පිරිමි දෙදෙනකු හා කාන්තාවන් හය දෙනකු රෝහල් ගත කල බවත්ය.

එම අය අතරින් බරපතල තත්වයේ පසුවු අවුරුදු 55ක් වයැසැති කාන්තාවක්වු එම්. නවමිනි යන අය වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගත් බවද එම නිලධරියා වැඩි දුරටත් පැවසිය.