26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅකුරැස්සේ නිවසක් තුළ වෙඩි තැබීමක්

අකුරැස්සේ නිවසක් තුළ වෙඩි තැබීමක්

අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක ඊයේ (28) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කොට ඇතැයි බංගම පොලීසිය පවසයි.

එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් වන අතර පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම තරුණියගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයා විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.

මෙම වෙඩි තැබීම සඳහා මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් යොදාගෙන ඇති බවත් වෙඩිතැබීම සිදුකළ අකුරැස්ස දීගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකරු ලේනම කැළෑබද ප්‍රදේශයක සැඟව සිටියදී වෙඩිතැබීමට භාවිතා කළ ගිනි අවියද සමඟ ඊයේ රාත්‍රියේ අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.